චීනයේ ලංකිකයන් පිරිසක් වෛද්‍යාධාර පරිත්‍යාග කරයි


චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය අධාර තොගයක්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (28දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

මුහුණු ආවරණ, ආරක්ෂිත ඇදුම්, ඇස් කණ්නාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ , නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර් , උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් එම වෛද්‍ය ආධාර තොගය අතර තිබූ අතර , මේවා රජයේ රෝහල් වෙත බෙදාදීමට නියමිතය.

මෙම වෛද්‍ය අධාර තොගය චීනයේ ෂැංහයි සහ ග්වැන්ෂෝ නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත පරිත්‍යාග කර තිබුණි .



Recommended Articles