චීනයේ තවත් පළාත් දෙකක් සෞඛ්‍ය අවධානම පහළ දමයි


චීනයේ ගුවැංඩොං පළාත සහ ෂැංහයි මහ නගර සභාව ඔවුන්ගේ මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා අඩු කළ බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.

ඒ අනුව චීනයේ බීජිං, ටියැන්ජින්,  හෙබෙයි, හුබෙයි හා ටිබෙට් ස්වයං පාලන කලාපයේ සමහර කොටස් තවමත් කොවිඩ් 19 අනතුරු ඇඟවීමේ 2 මට්ටමේ පසුවෙයි.

චීනය තුළ අනතුරු ඇඟවීමේ මට්ටම් 4ක් ඇති අතර එහි පළමු මට්ටම අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටම වෙයි.



Recommended Articles