චීනයේ කොවිඩ් එන්නත් තුන දෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම්වලට


COVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

නව කොරෝනා වයිරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් බීජිනය විසින් විද්‍යා හා තාක්ෂණ ව්‍යාපෘති 21 ක් සංවිධානය කර ඇති බවද බීජිං නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රධානී ෂු ක්වාං මහතා පැවසීය.

සායනික අත්හදා බැලීම් සඳහා නව්‍ය ඖෂධ පහක් අනුමත කර ඇති අතර, ඒ සියල්ලම දෙවන අදියර සායනික අධ්‍යයනවලට ඇතුළත් වී ඇති බව COVID-19 වැළැක්වීම සහ පාලනය පිළිබඳ සාමාන්‍ය මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.



Recommended Articles