චීනයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වැඩි අගයක් චීනයෙන් පිටත වාර්තා වෙයි


‍ජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි.

මේ අනුව චීනයේ කොවිඩ් ආසාදිතයන්ගෙ සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට චීනයෙන් පිටත වාර්තා වී තිබේ.

සඳුදා උදෑසන වන විට ගෝලීය වශයෙන් COVID-19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 164,837 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 6,470 ක් වාර්තා වී තිබේ.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 146ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles