චීනයේ කොවිඩ් ආසාදිතයන් 42ක් වාර්තා වෙයි - 38ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි අයයි


බීජිං, අප්‍රියෙල් 10 (ෂින්හුවා) - චීනය තුළ බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් 19 රෝගය ආසාදනය වූ 42 ක් වාර්තා වී ඇතර ඉන් 38 ක් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ නව රෝගීන් 4 ක් වාර්තා වූ අතර ගුවාංඩොං පළාතේ 3 ක් සහ හයිලොන්ජියැං පළාතේ එක් සිද්ධියක් වාර්තා වූ බව ජාතික සෞඛ්‍ය කොමිසම දිනපතා නිකුත් කරන වාර්තාවේ සඳහන් වෙයි. බ්‍රහස්පතින්දා හුබෙයි පළාතේ එක් මරණයක් වාර්තා විය.

 



Recommended Articles