චීනයේ උසස් නිලධාරිනියක් එයි


මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා 11/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය. ඇය චීන ජනපති ෂී ජින්පින් මහතාගේ විශේෂ නියෝජිතවරියක් ලෙසද කටයුතු කරයි.

ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් 11/18 දින රාත්‍රී 06.30 ට මාළදිවයින මාළේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා , තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය  මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.



Recommended Articles