චීනයෙන් රු ලක්ෂ 1270ක ආධාර


ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 127ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

ඔක්සිජන් සාන්ද්‍රක, වෙන්ටිලේටර්ස්, ඔක්සිජන් සිලින්ඩර, ඔක්සි මීටර් ඇතුළු භාණ්ඩ තොගයක් මේ අනුව පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මෙම උපකරණ තොගය ඊයේ (11දා) නිල වශයෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දී තිබේ.



Recommended Articles