චීනයෙන් කාබනික පොහොර ආනයනය කරන්නේ නැහැ


මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර අදාළ සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තීරණය කර ති​බේ.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Recommended Articles