චීනයටත් භූමිකම්පාවක්


බීජිං, (ෂිංහුවා) - සඳුදා උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ ෂිංජියන් උයුගන් ස්වයං පාලන ප්‍රදේශයේ අක්ෂු ප්‍රාන්තයේ වෙන්සු ප්‍ර දේශයට රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පවසයි.

කිලෝමීටර් 10 ක ගැඹුරකින් යුත් මෙම කම්පනය උතුරු අක්ෂාංශ අංශක 41.87 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 79.85 ක් නිරීක්ෂණය කළ බව CENC පවසයි.

භුමිකම්පාවෙන් ජීවිත හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා නොවන අතර ගලවා ගැනීමේ කණ්ඩායම් එම ප්‍ර දේශවලට නිකුත් කර තිබේ.



Recommended Articles