චීනයට උතුරු මුහුද විකුණන්නෙත් නෑ ඉන්දීය ධීවරයින්ට ලංකාවේ මසුන් මරන්න දෙන්නෙත් නෑ


චීනයට උතුරු මුහුද විකිණීමට යන ප්‍රචාරයන් මෙන්ම ඉන්දියානු ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් බෑමට ඉඩදෙන බවට වන ප්‍රචාරය කරමින් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රකාශ කරමින් සිටින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.

මෙම ප්‍රකාශ දේශපාලන කුමන්ත්‍රණ කාරීන් විසින් සිදු කළ බවත් මෙම ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට හානි සිදුවන අයුරින් කිසිදු ආකාරයේ තීන්දුවක් රජය විසින් නොගන්නා බවත් අමාත්‍යවරයා අද (27දා) අමාත්‍යාංශයේදී ප්‍රකාශ කළේය.



Recommended Articles