චීනය ලංකවට ගෙන්වූ සහල් තොගය මෙට්‍රික් ටොන් 8000 සීමාවට


පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ක කොටසින් තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම සහල් මෙට්‍රික් ටොන් 1000 කිලෝ 10 බැගින් වූ පැකට් ලක්ෂයක ඇසුරුම් කර තිබේ.

ඉරිදා රාත්‍රියේ පැමිණි මෙම සහල් තොගය ඊයේ වන විට ගොඩ බෑම අවසන් කර තිබේ. ජනවාරි මාසයේ සිට මේ දක්වා චීනය සහල් මෙට්‍රික් ටොන් 8000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. 



Recommended Articles