චීනය පරිත්‍යාග කරන පාසල් නිල ඇඳුම් වල දෙවැනි තොගය චීනයෙන් නැව්ගත කරයි


ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබාදීමට චීනය එකඟ වී තිබේ. එහි පළමු ඇඳුම් තොගය පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර එම තොගය මේ වන විට දරුවන් අතරේ බෙදා හැරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

එසේම එහි දෙවැනි කොටස ලෙස තවත් නිල ඇඳුම් තොගයක් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම වෙනුවෙන් චීනයෙන් නැව්ගත කර තිබේ. එම නිල ඇඳුම් තොගය කන්ටේනර් 44ක් තුළ ඇසුරුම්කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

 



Recommended Articles