චීනය තුළ කොවිඩ් ආසාදිතයන් තවදුරටත් පහළට


කොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.

බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට චීනයෙන් නව රෝගීන් 15ක්  වාර්තා වූ අතර එදින වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11කි.

චීනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 80793ක් වූ අතර එයින් රෝගීන් 62793ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 14831ක් වෙයි. චීනය තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 3169කි.



Recommended Articles