චීනය කෙටි කාලයකින් ඉදිකළ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් වසා දමයි


චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.

මෙම රෝහල බොහෝ දෙනෙකුගේ අවධානය ලක්වූයේ චීනය සති දෙකකටත් වඩා අඩුකාලයකදී රෝහල ඉදිකිරීමට සමත්වූ හෙයිනි.

එම රෝහලේ ඉදිකිරීම් චීනය සජීවීව ලොව වටා  ප්‍රචාරය කළ අතර එයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.

මෙම රෝහලට කොරෝනා ආසාදිතයන් 2011ක් ඇතුළත් කර ඇති අතර එයිල් බරපතල තත්තවයේ පසුවූ රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 45ක් විය. රෝහලේ මරණ අනුපාතය සියයට 2.3ක පමණ අවම අගයක් ගත්තේය.

 



Recommended Articles