චීන සංචාරය නිමවා ජනපති එයි


චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමා කර අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඔහු සමග මෙම සංචාරය සදහා සහභාගී වූ දූත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් 10/20 දින රාත්‍රී 08.45 ට චීනයේ චෙන්ඩු ( Chengdu ) නුවර සිට චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

චීනයේ පැවති " එක් තීරයක් - එක් මාවතක් "  වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගී වීම , ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස කටයුතු කර තිබුණි .

               



Recommended Articles