චීන විදේශ ඇමති පැමිණෙයි


 දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අද (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස 18 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .

ඔවුන් චීනයේ බෙයිජිං නුවර සිට චීනයට අයත් බී.- 8415 දරන විශේෂ ගුවන් යානයෙන් රාත්‍රී 08.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍යය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරු  පැමිණ සිටියහ .

 චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 01/09 දින දහවල් ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතය.



Recommended Articles