චීන විදෙස් ඇමති ලබන ජනවාරි මුල ලංකාවට


දින දෙකක නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ශ්‍රී ලංකාවට  පැමිණිමට නියමිතය. ඒ අනුව ජනවාරි 08 දා ඔහු දිවයිනට පැමිණෙනු ඇත.

චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ සාමාජිකයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනාගත චීන ආයෝජනයන්  සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්වෙනු ඇතැයි වාර්තා වෙයි.

ඩේලිමිරර් ඇසුරෙනි



Recommended Articles