චීන විදෙස් ඇමති 13දා ශ්‍රී ලංකාවට


චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන 13 දා රාත්‍රියේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත අතර 14දා මධ්‍යාහ්න ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ඔහු 14 දා පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.



Recommended Articles