චීන මැදිරි සහිත දුම්රිය 10ක් ධාවනයෙන් ඉවත් වෙයි


තිරිංග ක්‍රියාවිරහිතවීම් ඇතුළු විවිධ දෝෂ වෙනුවෙන් සිදුවූඅනතුරු වලට විනය ක්‍රියාමාර්ග ගැනීම්වලට එරෙහිව චීන මැදිරි සහිත දුම්රියන් 10ක් ධාවනයේ යෙදවීමෙන් ඉවත්වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගෙඩ  මහතා පැවැසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අනතුරු සඳහා විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට පසුගිය ආණ්ඩුව සඳහන් කළත් වර්තමාන ආණ්ඩුව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඉන්දික දොඩංගොඩ මහතා පැවැසීය.

 

 



Recommended Articles