ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා ගැනීම සඳහා පසුගිිය සතියේ දිවයිනට පැමිණි චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ නෞකාව අද (22දා) යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.
ඒ අනුව එම නෞකාව අද පස්වරු 4ට යළි චීනය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම නෞකාව අගෝස්තු මස 16 වන දින හම්බන්තොට වරායට පැමිණි අතර අද දක්වා එය වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දී ඇත.
නෞකාව ශ්‍රී ලංකාවට පැමිිණීමට ඉන්දියාව හා ඇමෙරිකාව විිරෝධය දැක්වීමත් සමග එය ජාත්‍යන්තරය තුළ වැඩි අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්විය. නෞකාව මුලිින්ම පසුගිය 11 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.
යුවාන් වැන්ග් 5 සමීක්ෂණ යාත්‍රාව ආරක්ෂක විශ්ලේෂකයින් විසින් විස්තර කරනු ලබන්නේ චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති චීනයේ නෞකාවල නවතම නෞකාව ලෙසයි.
නැවියන් 2000ක බල මුළුවකින් මෙම නෞකාව සමන්විත වෙයි.

