චීන තානාපති හා කථානායක අතර හමුවක්


ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

එසේම දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 



Recommended Articles