චීන තානාපති කටුවාපිටිය දේවස්ථාන නිරික්ෂණයක


ශ්‍රී ලංකාවේ චීන තානාපති  චෙන් ෂුයෑන් ( Cheng Xueyuan)  මහතා ඊයේ  (7) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්විය.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලිම සඳහාය.  මේ සංචාරයේ දී පාස්කු ප්‍රහාරයෙන් අනතුරට ලක්වූ මිගමුව ප්‍රදේශයේ දරුවන්ඒ කිහිප දෙනෙකු ගේ සුවදුක් විමසා බැලීමටද ඒ  මහතා කටයුතු කළේය. 

එහිදි තානාපතිවරයා විසින්  අනතුරට ලක්වූවන් වෙනුවෙන් මිගමුව මහනගර සභාව හරහා විශේෂ පරිත්‍යාගයක් ද සිදු කළේය. 

එමෙන්ම තානාපතිවරයා විසින් මීගමුව අවට සිටින පවුල් කිහිපයක සුවදුක් විමසිමටද ගිය අතර එහිදි ඔහු මෙම අවසානාවන්ත සිදුවීම සම්බන්ධයෙන්  සිය බලවත් කනගාටුව හා ශෝකයද එම පිරිස් වෙත පිරිනැමීය.



Recommended Articles