චීන ජාතිකයන් පිරිසක් රැගක් විශේෂ ගුවන් යානයක් කටුනායකට


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සදහා චයිනා ඊස්ටන් ගුවන් සේවය නවතම ගුවන් යානයක් 9/18 දින රාත්‍රී චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මෙරට සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 53 දෙනෙකු රැගෙන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන මෙම බෝයිං - 777 වර්ගයේ නවතම  ගුවන් යානය 9/18 දින රාත්‍රී 7.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ගුවන් යානය මෙරට සේවය කළ චීන ජාතිකයන් 206  දෙනෙකු රැගෙන 9/18 දින රාත්‍රී 9.30 ට චීනයේ ෂැංහයි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

කටුනායක ටී.කේ.ජී.කපිල

 



Recommended Articles