චීන ජාතිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 127 දෙනෙකු රැගෙන ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයක් 8/21 සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම චීන ජාතිකයන් පිරිස රැගෙන  චීනයේ ෂැංහයි නුවර සිට 8/21 දින සවස 6.12 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම චීන ජාතිකයන් පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීම සිදු කෙරුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles