චීන ආයෝජකයන් පිරිසක් එයි


ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීම ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .

ඔවුන් චීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන " සේද මාවත" වැඩසටහන යටතේ පැමිණ තිබුණි .

මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය , කෘෂි , වානිජ , වාරි යන අංශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ .

 මෙම ආයෝජකයන් පිරිස 10/30 දින රාත්‍රී 06.00 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සදහා මෙරට චීන ව්‍යාපෘති සම්බධීකරණය කෙරෙන පෞද්ගලික ආයතනයක නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles