චීන - ලංකා FTA කඩිනම් කිරීමට රජයේ අවධානය


යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර ඉක්මනින් ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

චීනය, ජපානය සහ මැදපෙරදිග කලාපයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.

මෙහිදී චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින සාකච්ඡාවලට අදාළ වත්මන් ප්‍රගතිය චීනය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව විසින් දැනුම්වත් කෙරුණු අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළ හැකි ඉදිරි පියවර හැකි ඉක්මණින් ගැනීම සඳහා මෙහිදී එකඟත්වය ප්‍රකාශ වී තිබේ.



Recommended Articles