චිනයෙන් තවත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්


චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් අද (17)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය අද  දින රාත්‍රී 7.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් සේවයේ ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

එම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින කොවිඩ් - 16 වසංගත රෝගී තත්ත්වය මර්දනය කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ බොහොමයක් තිබූ බවත් , ඒවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීමට කටයුතු කරන බවත් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා පැවසීය .

මෙම ගුවන් යානය අද  දින රාත්‍රී 8.20 ට ගුවන් මගීන් 170 ක් රැගෙන චීනයේ ෂැංහයි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .



Recommended Articles