චින සංචාරය නිමවා අගමැති යළි දිවයිනට


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සිය පස් දින චීන නිල සංචාරය නිමා කර ඊයේ (30දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම සංචාරය තුළ දී චීනය හා ශ්‍රී ලංකාව අතර වැදගත් ගිවිසුම් රාශියක් අත්සන් කළ අතර , චීනය විසින්  ශ්‍රී ලංකාවට ලබා දී ඇති  ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වා තිබුණි.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස 30 දා රාත්‍රී 07.00 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු. - 231 දරන ගුවන් යානයෙන් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම පිරිස ඉකුත් 03/24 දින ශ්‍රී ලංකාවෙන් චීනය බලා පිටත්ව ගොස් තිබුණි .



Recommended Articles