චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර සිනමා කවුන්සිලය ගෙන ඒමට අනුමැතිය


1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර, ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.



Recommended Articles