ඉකුත් 12/20 දින ආඩිඅම්බලම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර පළා යමින් සිටියදී 28 හැවිරිදි කළහුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 කාළයක් සදහා රදවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගෙන තිබේ.
එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම මිනීමැරුම් පිළිබඳව ඒ සදහා භාවිතා කිරීමට සූදානමින් සිටි ඇමෙරිකාවේ නිෂ්පාදිත මිලි මීටර් 09 ස්වයංක්‍රීය රිවෝල්වරයක් , එයට යොදන උණ්ඩ , ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 6010 ක් ද සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මිනුවන්ගොඩ , උන්නාරුව සහ කළහුගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් තිදෙනකු මෙසේ මොහු ඝාතනය කිරීම සදහා සූදානම් වී සිටි අතර මොහුගේ සහායක වෙඩික්කරු ද මිනුවන්ගොඩ පොලිසිය මගින් හදිසියේම හෙරොයින් ළග තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම නිසා මෙම මිනීමැරුම් මදක් පමා වී පැවති බව කටුනායක පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

