ඉන්දියාවේ පැවති 2025 "ග්ලෝබල් මෑන් ඇන්ඩ් වුමන් ජාත්‍යන්තර " ( Global Man and Woman International ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් සිව් දෙනා එහි පැවති ප්‍රධාන තරග ඉසව් හතරෙහිම , පළමු ස්ථාන දිනා ගනිමින් 01/02 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
එහිදී තරග කළ ප්‍රදීප් ජොන්සන් මිස්ටර් මාස්ටර් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ( Mr: Master Global International ) - 2025 ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි .
එමෙන්ම සත්‍ය ගනේෂ් ඉමේදා මිසිස් ටීන් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ( Miss Teen Global International ) - 2025 ලෙස ජයග්‍රහණය කර තිබුණි .
එසේම මෙම තරගාවලියට සහභාගී වූ මදී එළීලන් මිස්ටර් ටීන් මෑන් ඔෆ් ද එර්ත් ( Mr: Teen Man of the Earth ) - 2025 ලෙස කිරුළ දිනා ගෙන තිබුණි .
මීට අමතරව මිල්රේ මලින් මැතිව් මෑන් ඔෆ් ද එර්ත් ( Man of the Earth ) - 2025 ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි . එසේම මිල්රේ මෙම තරගාවලියේ හොදම පිහිනුම් ඇදුම ( Best in SSwimming Wear ) සහ හොදම ජාතික ඇදුම ( Best in National Costume ) අංශ වලින් ද ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .
මෙම ජයග්‍රහණයන් රැගත් සිව් දෙනා 01/02 දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2276 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම ජයග්‍රහණයන් හිමි කර ගත් සිව් දෙනාම වව්නියාව සහ කුරුණෑගල පදිංචි ද්‍රවිඩ ජාතිකයන් වීම විශේෂත්වයකි.




