ගෝල්ෆේස් පහරදීමට ආපු ගල්කිස්ස නගර සභා මන්ත්‍රිවරියක් අත්අඩංගුවට


ගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය අවට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (19දා) මෙම සැකකරුවන් අත්ඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හංවැල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති වන අවුරුදු 53ක් වන පුද්ගලයෙක් හා අවුරුදු 59ක් වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles