ගෝඩා ලීටර් තුන්දහස් පන්සියයක් අත්අඩංගුවට


පොලීසියට ලද තොරතුරක් මත සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය දෙවන ගම්මානය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා සිදුකළ වැටලීමකදී ගෝඩා මිලිලීටර් 3,52,500 (ලීටර් 3525ක්) අත්අඩංගුවටගෙන ඇත.

පාළු නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක තිබී මෙම ගෝඩා තොගය අත්අඩංගුවටගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අය පළාගොස් ඇත.

ඔහු හඳුනාගෙන ඇති අතර පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භකර ඇත.

 

මොනරාගල - සුමනසිරි ගුණතිලක



Recommended Articles