ගෝඨාගෝගම ශාඛාවක් මහනුවරටත් යයි


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී පැවැත්වුණි.

මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ආරම්භ කෙරුණු එම ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතාව කොළඹ ගාලුමුවදොර විරෝධයට සමගාමීව දිවා රාත්‍රි දෙකෙහිම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි එක්වු විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කර සිටියි.

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles