ගොවියත් සමග කසිප්පු බීපු අය අද ගොවියට කසිප්පුකාරයා කියනවා


ගොවියාත් සමග කසිප්පු බී උදවිය දැන් පාර්ලිමේන්තුවට පැමිණ ගොවීන්ට කසිප්පුකාරයන් යැයි කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදි පැවැසීය.

"ගොවියගේ කෙහෙල් කැනත් කපාගෙන, ප්ලේන්ටියකුත් බීලා, ගොවියගේ වී ටිකත් අරගෙන ඔබ තමුන්නාන්සේලා කියන විදිහට කසිප්පු ටිකත් බීලා දැන් පාර්ලිමේන්තු ඇවිත් ගොවියට කසිප්පුකාරයා කියනවා. ලැජ්ජයි. කරුණාකරලා හැම පුද්ගලයාටම හොරා කසිප්පු කාරයා රස්තියාදුකාරයි, අපි දැක්කනනේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක ඇල්ලෙනවා.ඒවා කියන කොට මී පැටව් පූස් පැටව් වගේ වාඩිවෙලා ඉන්නවා. ඒවට කට උත්තර නෑ. අපි දැක්කනේ පොලීසියත් සමග ඇතිවුණ ගැටුම'"



Recommended Articles