මාතලේ විල්ගමුව හදුන්ගමුව ගැඹුරු ඔය ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (31දා) හඳුන්ගමුව ගොවිජන සේවා කාර්යාලය වහලය මත නැඟ උපවාසයක් ආරම්භ කොට තිබේ.
රජය මගින් ලබාදෙන සහනාධාර පොහොර සහ විවිධ සහනාධාර ගොවීන්ට ලබා නොදී රාජ්‍ය නිලධාරීන් විවිධ දේශපාලන ක්‍රියාකාරීන් වල නිරතව සිටින බවට චෝදනා කරමින් මෙන්ම ගොවීන් වහලේ උඩ නැග උපවාසයක් කරන අතර තවත් පිරිසක් කාර්යාලය ඉදිරිපිට නිරත ව සිටිති
උදෑසන ආරම්භ කළ මෙම උපවාසය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීවරයා සහ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරි වරයා ඉවත් කරන තුරු උපවාසය අත් නොහරින බව ගොවීහු පවසති.මෙම ගොවීන් කියා සිටින්නේ වර්තමාන රජය දැඩි අපහසුතාවයකට පත් කරමින් රාජ්‍ය නිලධාරීන් ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන් අපහසුතාවයට පත්කරන බව ය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ප්‍රශ්නය විසඳීමට උත්සාහ දැරුව ද ගොවීන් දැඩි ලෙස කියා සිටියේ විල්ගමුව ප්‍රදේශයේ ගොවිජන සේවා නිලධාරීන් ගොවින් සමග කිසිදු එකමුතු තාවයකින් තොරව ක්‍රියා කරන බව ය .එමෙන් ම විවිධ අක්‍රමිකතා සිදු කරන බවට ද සහන පොහොර වැඩි මිලට අලවි කර ඇති බවට ද චෝදනා කරති .
තවදුරටත් එම ගොවීන් හඳුන්ගමුව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි අයි .පි .ජි .සමරවීර මහතාට දැඩි චෝදනා එල්ල කළහ .ගොවින් පස් දෙනකු කාර්යාල වහලය මත නැග උපවාසයකයේ නිරත වන අතර සාර්ථක පිළිතුරක් ලැබෙන දුරු ඉන් ඉවත් නොවන බවද ඔවුහු පවසති
විල්ගමුව හදුන්ගමුව ගොවිජන සේවා කාර්යාලය සඟවා තිබූ පොහොර තොගයක් අනාවරණය කරගැනීමට එහි උපවාසයක නිරතව ගොවීන් පිරිසකට හැකි විය පෙරවරුවේ සිට දහවල් වනතුරු ගොවීන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක නිරත ව සිටියදී ගොවිජන සේවා මාතලේ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් .ඩි .ඩබ්ලිව් .ඒ .පුෂ්පකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට හවස් කාලයේ පැමිණියහ.
පසුව ගොවීන් කියා සිටියේ හඳුන්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් පොහොර සඟවා ගෙන වැඩි මිලට අලෙවි කරන චෝදනාවය . කෙසේ වෙතත් එම ගබඩා පරික්ෂා කරන ලෙස උද්ඝෝෂණ සහ විරෝධතා ගොවීන් ගෙන් ඉල්ලීමක් කළා
පසුව නිලසුව නිලධාරීන් එම ගබඩා දෙකක් විවෘත කිරීමට උත්සාහ කළ ද එහි යතුරු නොමැති බව ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරි වරයා ප්‍රකාශ කිරීමත් සමඟ ගම්මුන් දැඩි කෝපය වීමත් සමග අලවංගුවක් ගෙන මෙම ගබඩා දෙක කඩා දැමීමට නිලධාරීන් උපදෙස් ලබාදීම විශේෂත්වයක් ,පසුව එම ගබඩා දෙක අලවංගුවක් ගෙන ඉබි යතුරු කඩා දැමීමෙන් පසුව එහි තිබුණු රජයේ සහනාධාර පොහොර 170 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ගොවීන් සඳහන් කළේ පසුගිය 2020 වසරේ ගොවීන්ට සහනාධාර වශයෙන් රජය ලබාදුන් පොහොර මෙයාකාරයෙන් සඟවා ගෙන ඇති බව චෝදනා කරන්නට විය. ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීවරයා කියා සිටියේ එම පොහොර තොගෙන් කොටසක් තබා ගත්තේ ගොව්ජන සේවා ඉඩමක වගා කිරීමට බවය . කෙසේ වෙතත් ගොවීන් සදහන් කළේ රජය කාබනික පොහොර වගා කරන ලෙස ගොවීන්ට දැනුවත් කොට නිලධාරීන්ට රසායනික පොහොර ලබා දෙන්නේ මන්ද යන්නය
දින 14 ක් ඇතුලත නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග එහි සිටි උද්ඝෝෂකයන් තම විරෝධතාවය අතහැරීම විශේෂත්වයකි.