නවම් පෝහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට පැමිනි බැතිමතුන් වෙත ගෝවා දන්සලක් දීමට නොරෝච්චෝල ගොවියකු කටයුතු කර තිබුණි.
නොරෝචිචෝල ඉලන්තඩිය ගෝවා වගාකරුවකු වන දිමුතු කැළුම් මහතා තම ගෝවා වගාවේ කිලෝ 2000 කට ආසන්න ප්‍රමානයක් ලොරි රථයකින් අනුරාධපුරයට රැගෙන ගොස් එහි වන්දනා කරුවන් වෙත ලබා දීම සිදු කෙරිණි.
මෙම ගෝවා තොගය තම මිතුරන් සමග ලොරි රථයක දමාගෙන ගොස් මෙසේ වන්දනා කරුවන්ට ලබා දීමට කටයුතු කර තිබු දිමුතු කැළුම් මහතා පවසා සිටියේ මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන තමන්ට කලහැකි දෙයක් ලෙස මෙම කාර්ය සිදු කල බවයි.
මේ වන විට නොරෝච්චෝල ප්‍රදේශයෙ ගෝව කිලෝව රුපියල් 50 කට ආසන්න මුදලකට අලේවි විම සිදුවෙයි.ඒ අනුව රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු ගෝවා කිලෝ 2000 ක් මෙසේ වන්දනා කරුවන්ට ලබා දීම සිදුව තිබුනී.