අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 21ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 143.5කි.
නුවරඑළිය අප්කොට් ප්‍රදේශයට මිලිමීටර් 114.5 ක වර්ෂාපතනයක් ද මස්කෙලිය ප්‍රදේශයට මිලිමීටර් 111ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

