ගෙවිඳුගෙන් දිවුරුමක්


ඒකීය ශ්‍රී ලංකාවට එරෙහි වන බුදු සසුනේ ප්‍රමුඛස්ථානයට හානි වන කිසිදු යෝජනාවකට එකඟ නොවන බවට යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතක ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් අද (25) පානදුර නගරයේ පිහිටි වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ප්‍රතිමාව අබියස දී දිවුරා ප්‍රතිඥා දුන්නේය.

මාතර දික්වැල්ලේ උපත ලබා පානදුරේ වාසය කළ අදීන චින්තකයකු සාහිත්‍යකරුවකු වූ කුමාරතුංග මුනිදාසයන්ගේ උපන් දිනය ද (25) අදට යෙදී තිබේ.



Recommended Articles