ගුවනේදී ජීවිතයෙන් සමුගනියි


කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05දා) දින අලුයම පැමිණෙමින්  තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු  එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

මොහු 59 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර, ඔහුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බව ගුවන් තොටුපළ වෛද්‍යවරුන් පවසයි.

ටී.‌‌කේ.ජී. කපිල



Recommended Articles