ගුවනින් විෂබීජ නාශක ඉසීම සඳහා ගුවන්යානා නවීකරණය කරයි


කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් යටතේ කටුනායක ගුවන් පර්යන්තය හා රත්මලානේ ගුවන් යානා ඉංජිනේරු ආධාරක අංශය මෙම යානා සකසා ඇත.

ගුවන් හමුදාව පවසන්නේ විෂබීජ නාශක ඉසිනයන් බෙල් 212, බෙල් 412 සහ ‍එම්අයි 17 හෙලිකොප්ටර් යානාවලට සවිකිරීමෙන් විශාල ප්‍රදේශයක් කඩිනමින් ජීවානුහරණය කළ හැකි බවයි.



Recommended Articles