ගුවන්යානා 14කින් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 25 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,829 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්රැම් 438,000 ක භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා  පැවසීය .

එහිදී මෙම කාල සීමාව තුළ ගුවන් යානා 14 කින්  ගුවන් මගීන් 1,077 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් අතර බංගලදේශයේ ඩකා  සිට 185 දෙනෙකු ද කුවේටයේ සිට  119 දෙනෙකු ද සිටියහ .

එසේ ගුවන්තොටුපල වෙත පැමිණි සියලු දෙනාම නීරෝධායන ක්‍රියාවලිය  සඳහා ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ  තුළ ගුවන් මගින් 752 දෙනෙකු ගුවන් යානා 11කින් කටුනායක ගුවන් තොටුපළින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

එසේ පිටත්ව ගොස් සිටි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ  දෝහා වෙත 145 දෙනකු ද ,  සෞදි අරාබියේ දමාම් වෙත 167 දෙනෙකු  ද , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  ඩුබායි වෙත 105 දෙනකු ද සිටියහ .

එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදේශීය සංචාරකයන් 35 දෙනකු ද  කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

එමෙන්ම මෙම කාල සීමාව තුළ කිලෝග්රෑම් 141,000 බරැති  ගුවන්ව්හ් භාණ්ඩ තොගයක්  ගුවන් යානා 06 කින්  කටුනායක ගුවන්තොටුපල වෙත ආනයන ලෙස රැගෙන විත් තිබූ අතර , තවත් කිලෝ ග්රැම් 297,000 ක් බර ඇති ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 09 කින්  විදේශ රටවල් බලා අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් රැගෙන ගොස් තිබූ බව ගුවන්තොටුපල ගුවන්තොටුපල කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles