ගුවන් හමුදාපතිට සේවා දිගුවක්


ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ත්‍රිවිධ හමුදා ප්‍රධානී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

2020 නොවැම්බර් 2 වන දින එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එයාර් මාර්ෂල් පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වන ආඥාපතිවරයා ලෙස පත් කරන ලදී.

2022 දෙසැම්බර් 30 දින සිට බලපැවැත්වෙන පරිදි ගුවන් හමුදාපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වෙයි.



Recommended Articles