ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තනතුරට උසස් කරයි


ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා තරු හතර එයාර් චීෆ් මාර්ෂල් නිලයට උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ඔහුගේ උසස්වීම අද (29දා) සිට ක්‍රියාත්මක වෙයි.

එයාර් චීෆ් මාර්ෂල් පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස 2020 නොවැම්බර් 03 වන දින වැඩ භාරගත් අතර අද දිනයේදී ඔහු සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.



Recommended Articles