ගුවන් සේවා අධිකාරී සේවිකාවගේ ඝාතකයාට රටින් පනින්න බැරි වෙයි


ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය  ඝාතනය කළ පුද්ගලයා 01/09 දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 47 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු 01/09 දින රාත්‍රී 10.35 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූල්‍ය අංශයේ සේවයේ නිරත , වෛද්‍යවරයකු සමග විවාහක  එක් දරු මවක් වන අතර , ඇය  සිය සේවය නිමවා සිය නිවෙස වෙත යාම සදහා කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ සිටියදී මෙම සිදුවීමට ගොදුරු වී තිබේ .



Recommended Articles