ගුවන් යානා සංදර්ශනයකට ඉන්දීය ගුවන් යානා 23


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් පවත්වන ගුවන් යානා සංදර්ශනයක් සඳහා ඉන්දීය ගුවන් යානා 23 ක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

මෙසේ පැමිණ ඇති ගුවන් යානා අතර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන   "සූර්ය කිරන් " ගුවන් යානා කණ්ඩායමේ ගුවන් යානා 09 ක් පැමිණ තිබේ. මෙම ගුවන් යානා එංගලන්තයේ නිෂ්පාදිත  " හෝක් " (Hawk ) වර්ගයේ ගුවන් යානා වේ .

මීට අමතරව " සාරාන් " ( sarang ) හෙලිකොප්ටර් සංදර්ශන කණ්ඩායමට අයත් හෙලිකොප්ටර් යානා 04 ක් ද පැමිණ තිබේ. එසේම " තේජස් " නැමැති සැහැල්ලු ප්‍රහාරයක ගුවන් යානයක් පැමිණ තිබේ.

මෙම ගුවන් යානා 14 ට අමතරව , මෙම ගුවන් යානා සදහා අත්‍යාවශ්‍ය සැපයුම් රැගෙන තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 09 ක් ද කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම ගුවන් යානා ද මෙම ගුවන් යානා සංදර්ශනය සදහා එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ගුවන් යානා සංදර්ශනය මාර්තු මස 03 , 04 , සහ 05 යන දින වල සවස 5.00 සිට 6.00 දක්වා කාලය තුළ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles