ගුවන් යානා මිලදී ගැනීම මාස තුනකට කල් දමයි


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය තීරණය කිරීමට පෙර නව ගුවන්යානා මිලදී ගැනීම ඵල රහිත බවත්, ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණනවාද, තබාගන්නවාද නැතිනම් වසා දමනවාද යන්න තීරණය කිරීමෙන් පසු ගුවන් යානා මිලදී ගැනීම පිළිබඳ තීරණ ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ දෙවැනි වාර්ථාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් සිදු කළ ප්‍රකාශයකට අද (05දා) පිළිතුරැ ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව කෝප් කාරක සභාව විසින් අදාළ ගුවන් යානා මිලදී ගැනීම මාස 03ට කල් දමන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට කැඳවා දැනුම් දුන් බව එම අවස්ථාවේ චරිත හේරත් මහතා පැවසීය. 

 

 



Recommended Articles