ගුවන් මගින් සෙල්ලම් පිස්තෝලයක් ගෙන ආ තරුණයා අත්අඩංගුවට


බහරේන් සිට ගුවන් මගින් රිවොල් අවියකට   සමාන සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ඒමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ඊයේ (21) බහරේන් සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ බඩුබාහිරාදිය අතර මෙම සෙල්ලම් පිස්තෝලය හමුවී ඇත. 

සැකකරු ගුවන්තොටුපළ රේගු අංශය මගින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇත. ගුවන්තොටුපළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



Recommended Articles