ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් කියන්න බෑ


ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවමත් ප්‍රකාශ කළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ බොහෝ ගුවන් තොටුපොළවල් මේ වන විටත් වසා දමා ඇති බව අමාත්‍යවරයා පැවැසීය.

මේ වන විට විදෙස්ගතව සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles