ගුවන් තොටුපොළ පිටවීමේ ඇතුළුවීමේ ලොබි ජනතාවට විවෘත කරයි


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හේතු මත ජනතාවට ඇතුළුවීම සීමා කළ ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් (ලොබි) නැවතත් ජනතාවට විවෘත කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව ගුවන් මගියා සමග තවත් දෙදෙනෙකුට මෙම ලොබි සඳහා ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.  අද (10) මධ්‍යාහ්න 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ලොබි විවෘත කර තිබේ.



Recommended Articles